සිව්දින නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජනරාල් සමන්තා ජෝයි දිවයිනට

සිව්දින නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජනරාල් සමන්තා ජෝයි දිවයිනට

ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජනරාල් සමන්තා ජෝයි මොස්ටින් ඇතුළු දූත පිරිසක් සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජනරාල් සමන්තා ජෝයි මොස්ටින් ඇතුළු දූත පිරිස, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් පිලිගනු ලැබුවා.

සමන්තා ජෝයි මොස්ටින්ගේ මෙම සංචාරය අතරතුර ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතයි.

අද සිට 10 වැනි දින දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවල දූත පිරිස සංචාරය කිරීමට නියමිත ය.

එහිදී බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ඔස්ට්‍රේලියාව විසින් සහය දක්වන ව්‍යාපෘති කිහිපයක් ද ආණ්ඩුකාරවරිය නිරීක්ෂණය කරනු ඇත.

මෙම සංචාරයේ දී ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සොයා බැලීමටද නියමිත බවයි වාර්තා වන්නේ.

   

Share This