සුඩානයේ පිහිටි ඉතියෝපියා තානාපති කාර්යාලයට ප්‍රහාරයක්

සුඩානයේ පිහිටි ඉතියෝපියා තානාපති කාර්යාලයට ප්‍රහාරයක්

සුඩානයේ කාර්ටූම් අගනුවර පිහිටි ඉතියෝපියා තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව එහි තානාපතිවරයා තහවුරු කර තිබෙනවා

ප්‍රහාරයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නොවූ නමුත් තානාපති කාර්යාලයේ ගොඩනැගිල්ලට අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බව සුඩානයේ ඉතියෝපියානු තානාපති Yibeltal Ayimiro Alemu BBC පුවත් සේවයට පවසා ඇත්තේ

අප්‍රේල් 15 වනදා සිට හමුදාවට එරෙහිව සටන් වදින සුඩාන පැරාමිලිටරි වේගවත් ආධාරක බලකාය (RSF), ප්‍රහාරය සම්බන්ධයෙන් හමුදාවට දොස් පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සුඩාන හමුදාව කිසිවක් ප්‍රකාශ කර නොමැති බවද සඳහන් .

සුඩානයේ ඉතියෝපියානු තානාපති කාර්යාලයේ සේවකයෙකු වැඩිදුරටත් පවසා ඇත්තේ සති තුනකට පෙර තානාපති කාර්යාලයට ගුවන් ප්‍රහාරයක් එල්ල වූ අතර ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලැබූ බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ගැටුමෙන් 5,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර තවත් මිලියන පහක් අවතැන් වී තිබෙනවා

Share This