සුඩානයේ සටන් කරන කණ්ඩායම් ගිවිසුමකට අත්සන් තබයි

සුඩානයේ සටන් කරන කණ්ඩායම් ගිවිසුමකට අත්සන් තබයි

සුඩානයේ සටන් කරන කණ්ඩායම් දෙක සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට සහ ප්‍රචණ්ඩත්වය පවතින ප්‍රදේශවලට ආධාර කිරීමට ගිවිසුමක් අත්සන් කර ඇති නමුත් සටන් විරාමයකට එකඟවී නොමැති බව විදෙස් මාධ්‍ය පවසනවා

සෞදි අරාබියේ සහ එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් සෞදි අරාබියේ ජෙඩා වරායේ පැවති මෙම සාකච්ඡා පිළිබඳව අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් විස්තර කරන ලද්දේ දෙපාර්ශ්වය නිසි එකඟතාවයකට පැමිණ නැති බවයි.

කෙසේවෙතත් සුඩාන හමුදාව සහ ප්‍රතිවාදී කණ්ඩායම (RSF) ජනතාවට ආධාර ලබා දීමට සහ සටන් කරන ප්‍රදේශවලින් මිනිසුන්ට පලා යාමට ඉඩ දීමට පොරොන්දු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

තව දුරටත් කෙටි කාලීන සටන් විරාමයකට සහ ගැටුම් ස්ථිර ලෙස නැවැත්වීම සඳහා දෙපාර්ශ්වයම එකඟවීමට යළිත් සාකච්ඡා මගින් සැලසුම් කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

Share This