සුඩානයේ සමූහ මිනීවළවල් 13ක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය

සුඩානයේ සමූහ මිනීවළවල් 13ක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය

සුඩානයේ ඩාර්ෆූර් ප්‍රදේශයේ සමූහ මිනීවළවල් 13ක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය විමර්ශනය ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතනයට (UNJHRO) සුඩානයේ එල් ජෙනීනා නගරයේ අවම වශයෙන් සමූහ මිනීවළවල් 13ක් පිළිබඳ වාර්තා ලැබී ඇති බවයි විශේෂ නියෝජිතයෙක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබෙන්නේ

එක්සත් ජාතීන්ගේ නියෝජිත වොල්කර් පර්තේස් පවසන පරිදි පැරාමිලිටරි වේගවත් ආධාරක බලකාය සහ අරාබි මිලීෂියාවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් මියගිය වාර්ගික Masalit ගෝත්‍රික සිවිල් වැසියන් මෙම සමූහ මිනීවළවල්වල සිටින බව විශ්වාස කෙරෙනවා

එමෙන්ම සුඩානය සඳහා වූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා ලෙස තමා ඉවත් වන බව වොල්කර් පර්තේස් දැනුම් දුන් අතර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ලේඛනගත වෙමින් පවතින බවත්, ඒවා සත්‍යාපනය වුවහොත් එය යුද අපරාධ විය හැකි බවත් පවසා තිබෙනවා

සුඩානයේ සන්නද්ධ හමුදාවන් සහ ප්‍රතිවාදී කණ්ඩායම් අතර සටන් කාර්ටූම් හි උත්සන්න වී ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 5,000 ක් මිය ගොස් 12,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව වාර්තා වනවා.

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයට අනුව, සුඩානය පුරා සිටින මිලියන 4කට අධික ජනතාවක් ප්‍රචණ්ඩත්වයෙන් පලා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This