සුප්‍රසිද්ධ එක්සත් ජනපද හැකර්වරයෙකු සිය දිවි ගමන නිම කරයි

සුප්‍රසිද්ධ එක්සත් ජනපද හැකර්වරයෙකු සිය දිවි ගමන නිම කරයි

සුප්‍රසිද්ධ එක්සත් ජනපද හැකර්වරයෙකු වූ Kevin Mitnick ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මාස 14ක කාලයක් අග්න්‍යාශයේ පිළිකා රෝගී තත්ත්වයකට මුහුණ දුන් ඔහු වයස අවුරුදු 59 දී මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

1995 වසරේදී ඔහු අත්අඩංගුවට පත්ව ඇති අතර වසර දෙකක පරිගණක වංචාවක් සම්බන්ධයෙන් Kevin Mitnick වසර පහක් සිරගත වී සිටි බවයි පැවසෙන්නේ

නමුත් 2000 වසරේදී නිදහස් වීමෙන් පසු ඔහු තමාවම ප්‍රතිනිර්මාණය කරගනිමින් සුප්‍රසිද්ධ හැකර්වරයෙකු, සයිබර් ආරක්ෂණ උපදේශකයෙකු සහ කතුවරයෙකු බවට පත්ව තිබෙනවා .

ඔහු රජයේ වෙබ් අඩවි සහ ආයතනික වෙබ් අඩවි ජාල තුළට කඩා වැදී ආයතනික දත්ත සහ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සොරකම් කරමින් සිට ඇති බවද සඳහන් වනවා

එමෙන්ම ක්‍රෙඩිට් කාඩ් අංක සහ දත්ත ගොනු දහස් ගණනක් සොරකම් කිරීමට අමතරව රටේ රජයේ සහ විශ්ව විද්‍යාල පරිගණක පද්ධති විනාශ කිරීමට සම්බන්ධ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

2003 වසරේදී, ඔහු Mitnick Security Consulting සමාගම ආරම්භ කළ අතර, එමගින් සමාගම් 500කට සහ රාජ්‍ය ආයතනවලට සයිබර් ආරක්ෂණය පිළිබඳ උපදෙස් ලබා දී තිබෙනවා

 

Share This