සුපිරි ජයත් සමඟ ශ්‍රී ලංකාව සුපිරි 06 දෙනාගේ වටයට

සුපිරි ජයත් සමඟ ශ්‍රී ලංකාව සුපිරි 06 දෙනාගේ වටයට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති තරගයෙන් ලකුණු 133ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුණා

ඒ අනුව තරගාවලියේ සුපිරි 06 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු පහකදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 325ක් පමණයි

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක දිමුත් කරුණාරත්න සිය මංගල එක්දින ශතකය ද වාර්තා කිරීමට සමත් වුණා.

අනතුරුව 326ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 31කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 192 ක් පමණයි

ලකුණු සටහන පහතින්

 

Share This