සුපිරි නෞකාවෙන් විසිකළ ගිනිකෙළි හේතුවෙන් ග්‍රීසියේ ලැව් ගින්නක්

සුපිරි නෞකාවෙන් විසිකළ ගිනිකෙළි හේතුවෙන් ග්‍රීසියේ ලැව් ගින්නක්

ග්‍රීසියේ හයිඩ්‍රා දූපතේ ඇති වූ ලැව් ගින්නකින් පසුව පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලධාරීන් චෝදනා කරන්නේ සුපිරි යාත්‍රාවකින් දියත් කරන ලද ගිනිකෙළි හේතුවෙන් මෙම ලැව් ගින්න ඇතිවී තිබෙන බවයි.

ඇතැන්ස් නගරයට දකුණින් පිහිටි සුප්‍රසිද්ධ සංචාරක දිවයිනේ පිහිටි එකම පයින් වනාන්තරයේ අක්කර 300ක් පමණ ගින්නෙන් දැවී ගිය බව ග්‍රීසියේ දේශගුණික අර්බුද පිළිබඳ අමාත්‍ය Vassilis Kikilias පවසනවා.

මේ වන විට ගිනිදැල් පාලනය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ග්‍රීක මාධ්‍ය වාර්තා කළේ අත්අඩංගුවට ගත් සියලු දෙනා Persephoni නම් සුපිරි යාත්‍රාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් බවයි.

Share This