සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ සේවය අවසන් කෙරෙයි

සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ සේවය අවසන් කෙරෙයි

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ එම්. ජේ. ගුණසිරි මහතා ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙහිදී එම්. ජේ. ගුණසිරි මහතා කොන්ත්‍රාත් පදනම මත එම තනතුරේ ක්‍රියා කළ බැවින් අද (08) පැවැත්වූ කැබිනට් තීරණ දැනුම් දීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කර තිබු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර සිටියා.

ඒ අනුව එම තනතුරේ වැඩ බැලීම සඳහා ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ 2) වශයෙන් සේවය කරන යූ. ඩී. එන්. ජයවීර මහතා පත්කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව සඳහන්.

Share This