සුළි කුණාටුවක් නිසා තායිවානයේ දහස් ගණනක් ආරක්‍ෂිත ස්ථාන වෙත

සුළි කුණාටුවක් නිසා තායිවානයේ දහස් ගණනක් ආරක්‍ෂිත ස්ථාන වෙත

Haikui සුළි කුණාටුව හේතුවෙන් තායිවානයේ දහස් ගණනක පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව පුද්ගලයින් 4000කට ආසන්න පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර ගුවන් ගමන් රැසක්ද අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් තායිවානයේ නිවාස 21,000කට පමණ විදුලිය විසන්ධි වී ඇති බව සඳහන්.

Haikui සුළි කුණාටුව එරට අඩු ජනගහනයක් සහිත කඳුකර ප්‍රාන්තයක් වන Taitung හි සක්‍රීයව පවයින බවයි තායිවාන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

Share This