සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය මෙගා වොට් 1000 ඉක්මවයි

සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය මෙගා වොට් 1000 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ ජාතික පද්ධතියට සම්බන්ධ සමස්ත සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගා වොට් 1000 ඉක්මවීමට මෙම වසරේ ජුනි මාසය වන විට සමත්ව තිබෙනවා.

එයින් මෙගා වොට් 944ක් වහළය මත සූර්ය පැනල මගින් වන අතර බිම්ගත සූර්ය පැනල මගින් මෙගා වොට් 156ක් ජාතික පද්ධතියට එකතු වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම වර්ෂය අවසන් වන විට වහලය මත සූර්ය පැනල මගින් පමණක් මෙගා වොට් 1000ක් ඉක්මවූ උත්පාදනයක් ජාතික පද්ධතියට එකතු වීමට ද නියමිතයි.

විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලීන උත්පාදන සැලසුම අනුව ඉදිරි වසර 4 තුළ සෑම වසරකම මෙගා වොට් 150 බැගින් එකතු කිරීමට සැලසුම් කර ඇති අතර මෙම වසරේ පළමු මාස 5 තුළ පමණක් මෙගා වොට් 132ක් එකතු කර තිබෙනවා.

Share This