සෝදිසි කිරීම්වලට විරෝධය පා බූස්සේ රැඳවියන් 06ක් වහළය මත නැග විරෝධයක්

සෝදිසි කිරීම්වලට විරෝධය පා බූස්සේ රැඳවියන් 06ක් වහළය මත නැග විරෝධයක්

අධි ආරක්ෂිත බන්ධනාගාරයේ තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 06 දෙනෙකු බන්ධනාගාරයේ විශේෂ අංශයේ සැකකරුවන් රඳවා සිටින ගොඩනැගිල්ලේ වහළය මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර ආරංචි මාර්ග පැවැසුවේ මෙම රැඳවියන් පාතාල ජාවාරම්වලට සම්බන්ධ සිරකරුවන් බවයි.

අද (18) උදෑසන සිට මෙම රැඳවියන් විරෝධතාවයේ නිරතවෙන අතර ඔවුන්ගේ ඉල්ලීම වන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ බන්ධනාගාර නිළධාරින් විසින් තම සිරමැදිරිවල සිදු කරන සෝදිසි මෙහෙයුම් නතර කරන ලෙසයි.

පසුගිය දිනවල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් රැඳවියන්ගේ සිර මැදිරි පරික්ෂා කිරිමේදි ජංගම දුර කතන සිම් කාඩ්පත්, ඇතුලු ජංගම දුරකතන උපාංග ඇතුළු තවත් තහනම් ද්‍රව්‍ය රැසක් එහිදී සොයාගෙන තිබෙනවා.

ඒ අනුව, රත්ගම පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය විසින් බන්ධනාගාරය අවට ආරක්ෂාව තරකර තිබෙනවා.

Share This