සෝමාලියාවේ ගංවතුරෙන් ලක්ෂ හයකට අධික පිරිසක් අවතැන්

සෝමාලියාවේ ගංවතුරෙන් ලක්ෂ හයකට අධික පිරිසක් අවතැන්

සෝමාලියාවේ පවතින අධික වර්ෂාවෙන් ඇතිවූ ගංවතුර හේතුවෙන් 600,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අවතැන් වූවන්ගේ සංඛ්‍යාව සතියක් ඇතුළත 100,000 කින් ඉහළ ගොස් ඇති අතර, මේ වනවිට අවතැන් වී ඇති සංඛ්‍යාව 650,000 කට ආසන්න බවයි සඳහන් වන්නේ.

ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ වූ අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මියගෝ තිබෙනවා.

එමෙන්ම කෙන්යාවේ සහ ඉතියෝපියාවේ නගර සම්පුර්ණයෙන්ම ගංවතුරෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දශක හතරකට පසු කලාපයට බලපෑ දරුණුතම නියඟයෙන් පීඩාවට පත්වී ඇති ප්‍රදේශ යථා තත්ත්වයට පත්වී නොමැති අතර මිනිසුන් තම නිවාස අතහැර එම වියළි ප්‍රදේශවලට යමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This