සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින පලස්තීනුවන්

සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින පලස්තීනුවන්

පලස්තීනයේ සිටින පුද්ගලයින් 5000ත් 11,000ත් අතර පිරිසකට වහාම සෞඛ්‍ය පහසුකම් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඒ අනුව විශේෂිත රෝහල්වල ප්‍රතිකාර ලබාදිය යුතු පිරිස් ද ඒ අතර වන බවයි එම සංවිධානය පෙන්වාදෙන්නේ.

ගාසා තීරයේ සිටින පලස්තීන ජාතිකයින් 36,500කට අධික පිරිසක් මේ වන විට මියගොස් ඇති අතර ඒ අතරින් වැඩි දෙනෙක් ළමුන් සහ කාන්තාවන් වන බව සඳහන්.

මෙම පිරිස් සඳහා සෞඛ්‍ය පහසුකම් ලබාදීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සම්බන්ධයෙන් ලෝක ප්‍රජාවගේ අවධානය දැඩිව යොමු විය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ.

Share This