හදිසි අසනීපයකට පිහිටක් ගන්න දේවාලයකට ගිය කත කොවිඩ් නිසා මරුට

හදිසි අසනීපයකට පිහිටක් ගන්න දේවාලයකට ගිය කත කොවිඩ් නිසා මරුට

කොවිඩ් වෛරසයෙන් බේරීමට දෙවියන්ගේ පිහිට පැතූ කාන්තාවක් දේවාලය තුළම මියගොස් ඇති බව තලගම, කැබැල්ලවිට ප්‍රදේශයෙන් වාර්තා වන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

මෙසේ මියගොස් ඇත්තේ අඹේපුස්ස පදිංචිව සිටි 53 හැවිරිදි පූර්ණ ආබාධිත කාන්තාවක් .

මෙම කාන්තාවට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සුවය ලබා දින කිහිපයක් ගත වූවායින් පසුව ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් නිසා මේ කාන්තාවගේ සහෝදරියක් විසින් මීරිගම කැබැල්ලවිට ප්‍රදේශයේ දේවාලයක් වෙත මියගිය කාන්තාව කැඳවාගෙන ගොස් කිසියම් වූ සෙත් ශාන්තියක් දේවාලයේ මෑණියන් ලවා කරවා ගැනීමට කටයුතු කර තිබෙනවා

දේවාලයේ මෑණියන් පවසා ඇත්තේ තමාට දෙවියන් ලවා සෙත් ශාන්තියක් කර දීමට නොහැකි බවත් හැකි ඉක්මනින් රෝහල වෙත රැගෙන යන ලෙසත්ය.

එහෙත් මියගිය කාන්තාවගේ සහෝදරියකගේ බලවත් පෙරැත්තය නිසාම මෑණියන් විසින් කාන්තාවට සෙත් ශාන්ති කර්මයක් කිරීමට පටන් ගෙන තිබෙනවා .

සෙත් ශාන්තිය සිදු කරන අතරතුරේදී අදාළ ආතුර කාන්තාව සිහිසුන් වී ඇති බවත් පසුව මීරිගම රෝහලට අදාළ කාන්තාව ඇතළත් කිරීමේදී මියගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරනවා

කාන්තාවගේ මෘත ශරීරයෙන් කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී මෙම කාන්තාවට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී තිබෙනවා

මියගිය කාන්තාවගේ නිවෙසේ සාමාජිකයන්ද කොවිඩ් රෝගය වැළඳීම නිසා නිරෝධායනය අවසන් වී දින කිහිපයක් ගතවී ඇති බවත් කිසියම් අසනීප තත්ත්වයකදී මිථ්‍යා මත පිළිබඳව එල්බ නොගෙන නිවැරදි වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන ලෙස මහජනතාවට දන්වා සිටින බවත් මීරිගම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසනවා

Share This