හමාස් ප්‍රහාරයෙන් පසු අමෙරිකාවෙන් යුද නැව් ඊශ්‍රායලයට

හමාස් ප්‍රහාරයෙන් පසු අමෙරිකාවෙන් යුද නැව් ඊශ්‍රායලයට

ගුවන් යානා සහිත නෞකාවක්, නැව් සහ ජෙට් යානා නැගෙනහිර මධ්‍යධරණී මුහුදට ගෙන යන බවත් ඊශ්‍රායලයට අමතර උපකරණ සහ පතොරම් ද ලබා දෙන බවත් එක්සත් ජනපදය පවසනවා

දකුණු ඊශ්‍රායලයට එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් පසුව එය පෙර නොවූ විරූ සහ බිහිසුණු ප්‍රහාරයක් ලෙසටයි ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ

මේ අතර ඝාතනයට ලක් වූ සහ පැහැරගෙන ගොස් සිටින අය අතර තම පුරවැසියන් සිටින බවට වාර්තා තහවුරු කිරීමට එක්සත් ජනපදය ද කටයුතු කරමින් සිටින බව රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසා තිබෙනවා

ඊශ්‍රායලය පවසන්නේ 100ක් පමණ දෙනා පැහැරගෙන ගොස් ඇති බවයි.

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවසුවේ USS Gerald R. Ford ගුවන් යානා සහිත නෞකාවක්, මිසයිල කෲසර් නෞකාවක් සහ මිසයිල විනාශ කරන්නන් හතරක් ඊශ්‍රායලය වෙත ගමන් කරමින් සිටින බවයි.

එමෙන්ම එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා ද යවන බවද සඳහන්

ඉදිරි දිනවලදී ඊශ්‍රායලයට තවත් හමුදා ආධාර එවනු ලබන බවත්, ඊශ්‍රායලයේ සතුරන් මෙම තත්ත්වයෙන් වාසි ලබා ගැනීමට උත්සාහ නොකිරීමට එක්සත් ජනපදය කටයුතු කරන බවත් ධවල මන්දිරය ප්‍රකාශ කරනවා

මේ අතර ඉරාන ජනාධිපති Ebrahim Raisi කලාපය අනතුරේ හෙළීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය වග කිව යුතු බව පවසමින් හමාස් ප්‍රහාරයට සහය පළ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමකදී ඉරානය ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාරයට සම්බන්ධ බව ප්‍රතික්ෂේප කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා

Share This