හමාස් ප්‍රහාරවලින් මියගිය ප්‍රංශ ජාතිකයින් ඉහළට – ප්‍රතිප්‍රහාරවලින් ගාසා තීරයේ 770ක් මරුට

හමාස් ප්‍රහාරවලින් මියගිය ප්‍රංශ ජාතිකයින් ඉහළට – ප්‍රතිප්‍රහාරවලින් ගාසා තීරයේ 770ක් මරුට

හමාස් ප්‍රහාරවලින් මියගිය ප්‍රංශ ජාතිකයින් සංඛ්‍යාව සිව් දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

ඊශ්‍රායලයේදී තවත් පුරවැසියන් දෙදෙනෙකු මියයාම ප්‍රංශය විසින් තහවුරු කර ඇති අතර ප්‍රංශ බලධාරීන් පවසන්නේ ප්‍රංශ ජාතිකයන් 13 දෙනෙකු පිළිබඳව කිසිදු ආරංචියක් තමන් සතුව නොමැති බවයි

ඔවුන්ගෙන් සමහරෙකු බොහෝ විට පැහැරගෙන ගොස් ඇති බවටයි විශ්වාසය පළ කෙරෙන්නේ

මේ අතර ඊශ්‍රායලය අනතුරු ඇඟවීමකින් තොරව ගුවන් ප්‍රහාර එල්ල කළහොත් ප්‍රාණ ඇපකරුවන් පැහැරගෙන යන බවට හමාස් සංවිධානය කළ තර්ජනය ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් හෙළා දැක තිබෙනවා

පසුගිය සෙනසුරාදා හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරවලට ඊශ්‍රායලය සිය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ගාසා තීරයේ පුද්ගලයින් 770 දෙනෙකු මියගොස් ඇති බවයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ

4,100ක් පමණ තුවාල ලබා තිබෙන බවද සඳහන්

දකුණු ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු ඉතාලි-ඊශ්‍රායල් පුරවැසිභාවය ඇති විවාහක යුවළක් අතුරුදහන් වී ඇති බව ඉතාලි විදේශ අමාත්‍ය සහ නියෝජ්‍ය අගමැති ඇන්ටෝනියෝ ටජානි පවසා තිබෙනවා

ඉතාලි විදේශ අමාත්‍යවරයා පවසන්නේ මෙම යුවළ ඔවුන්ගේ පවුලේ අයගේ ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වූ බවත්, තත්ත්වය විසඳීමට ඉතාලිය ඊශ්‍රායලය සමග කටයුතු කරන බවත්ය.

Share This