හමාස් විසින් නිදහස් කරන ලද සිවිල් ප්‍රාණ ඇපකරුවන් ටෙල් අවිව් වෙත

හමාස් විසින් නිදහස් කරන ලද සිවිල් ප්‍රාණ ඇපකරුවන් ටෙල් අවිව් වෙත

හමාස් විසින් නිදහස් කරන ලද ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා වන 79 හැවිරිදි Nurit Cooper සහ 85 හැවිරිදි Yocheved Lifshitz වෛද්‍ය ප්‍රතිකාර සඳහා ටෙල් අවිව් වෙත රැගෙන විත් තිබෙනවා

මානුෂීය සහ සෞඛ්‍ය හේතූන් මත කාන්තාවන් නිදහස් කළ බවයි හමාස් සංවිධානය පවසන්නේ

ඔවුන් නිදහස් කිරීමට මැදිහත්වීමට ඊජිප්තුවට දුන් සහය ගැනත් Nurit Cooper සහ Yocheved Lifshitz නිවසට ගෙන ඒම සඳහා රතු කුරුස සංවිධානය විසින් ඉටු කළ කාර්යභාරය පිළිබඳවත් ඊශ්‍රායලය ස්තුතිය පළ කර තිබෙනවා .

ඊශ්‍රායල බලධාරීන් පවසන පරිදි Nurit Cooperගේ ස්වාමිපුරුෂයා වන 85 හැවිරිදි අමිරාම් සහ Yocheved Lifshitz ගේ 83 හැවිරිදි සැමියා වන ඔඩෙඩ් තවමත් හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටිනවා .

Share This