හරක් කටා සී.අයි.ඩී.යෙන් –  මහාධිකරණයට (VIDEO)

හරක් කටා සී.අයි.ඩී.යෙන් – මහාධිකරණයට (VIDEO)

මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් 29 දින යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (1) නියම කළා.

මෙම නඩුව කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය හමුවේයි.

නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි හටන් කර ගැනීම සිදුවූණා.

කරුණු සලකා බැලූ විනිසුරුවරිය නියෝග කළේ නඩුව ඔක්තෝබර් 26 දක්වා කල් තැබීමටයි.

මෙම නඩු විභාගය සඳහා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින හරක් කටා නැමැති විත්තිකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කළා.

ඊට පෙර නදුන් චින්තක කොළඹ අපරාධ කොට්ටාශය වෙත රැගෙන ඒමෙන් අනතුරුව මහාධිකරණය වෙත ඉදිරිපත් කළා.

Share This