
හර්දික් පාණ්ඩ්‍යා ලෝක කුසලානයෙන් ඉවතට
ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාව මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වාර්තා කරනවා.
බංග්ලාදේශයට එරෙහි තරගයේදී වළලුකර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුව තරගාවලියෙන් ඉවත් කිරීමට සිදුවූ බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රසිද් ක්‍රිෂ්ණා ඉන්දීය සංචිතයට කැඳවා තිබෙනවා.
