හවායි හි Maui ප්‍රාන්තයේ ඇතිවූ ලැව්ගිනි නිසා චෝදනාවට ලක්වූ ආයතන ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙයි

හවායි හි Maui ප්‍රාන්තයේ ඇතිවූ ලැව්ගිනි නිසා චෝදනාවට ලක්වූ ආයතන ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙයි

හවායි හි Maui ප්‍රාන්තයේ හදිසි කළමනාකරණ නියෝජිතායතනයේ ප්‍රධානියා තම සේවයෙන් ඉවත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

සෞඛ්‍ය හේතු නිසා තමන් ඉල්ලා අස්වන බවයි Herman Andaya හදිසියේ ඉවත්වීමට හේතුව ලෙස දක්වා ඇත්තේ

ලැව්ගිනි පැතිරීමට පෙර අනතුරු ඇඟවීමේ පද්ධතිය සක්‍රීය කිරීමට තම ආයතනය අසමත්වූ බවද Herman Andaya ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පිළිගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

හවායි හි ලොව විශාලතම සයිරන් අනතුරු ඇඟවීමේ පද්ධතියක් ඇති නමුත් ලැව්ගිනි පැතිරීමේදී Maui හි එලාම් 80ම නාද නොවූ බවද විදෙස් මාධ්‍ය මීට පෙර සඳහන් කරනු ලැබුවා

Maui හි සයිරන් අනතුරු ඇඟවීමේ පද්ධතිය සෑම මසකම පළමු දින පරීක්ෂා කරන බවත් එය තත්පර 60 නාද වන බවත් එය ලහයිනා හි ජනතාවගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් වන නමුත් ගින්න ඇති වූ දිනයේ සයිරන් හඬ නොඇසුණු බවයි ඔවුන් චෝදනා කර සිටියේ

සයිරන් නාද වූවානම් මිට වඩා ජීවිත බේරාගැනීමට හැකියාව ලැබෙන බවයි ජනතාව දිගින් දිගටම බලධාරීන්ට කියා සිටියේ

කෙසේවෙතත් Maui හදිසි කළමනාකරණ නියෝජිතායතනයේ ප්‍රධානියා Herman Andaya අවධාරනය කළේ සයිරන් නාද නොවීම පිළිබඳව තමා පසුතැවෙන්නේ නැති බවයි.

මෙම ප්‍රකාශයෙන් පසු Maui ප්‍රාන්තයේ හදිසි කළමනාකරණ නියෝජිතායතනයේ ප්‍රධානියා ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 111 දෙනෙකු මියගොස් ඇති අතර තවත් බොහෝ පිරිසක් තවමත් අතුරුදන් බවද වාර්තා වනවා

Share This