හිඟුරක්ගොඩ වී ගබඩා සංකීර්ණය කඩිනමින් නවීකරණයට පියවර
හිඟුරක්ගොඩ වී ගබඩා සංකීර්ණය කඩිනමින් නවීකරණය කර පිළිසකර කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස වෙළඳ වාණිජ සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ වසර ගණනාවක් අතහැර දමා ඇති හිගුරක්ගොඩ සතොස වී ගබඩා සංකීර්ණය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (29) නිරීක්ෂණ චාරිකාවට එක් වෙමින්
ඒ අනුව එහි වී මෙට්‍රික් ටොන් 5000ක ධරිතාවයකින් වී ගබඩා කිරීමේ හැකියාව පවතින බව සඳහන්
එමෙන්ම අමාත්‍යවරයා ඇතුළු පිරිස මැදිරිගිරිය ධාන්‍ය සුරක්ෂිත මධ්‍යස්ථානය සහ ගබඩාව පරික්ෂා කිරීමට ද එක්ව තිබෙනවා
මෙට්‍රික් ටොන් 3000 ක ධාරිතාවයකින් යුතු මෙම ධාන්‍ය සුරක්ෂිතාගාරය නිසි ක්රමවෙදයක් ඔස්සේ ඵලදායි අයුරින් යොදා ගැනීමට අදාළ ක්‍රමවේදයන් සකස් කරන ලෙස උපදෙස් දුන් අමාත්‍යවරයා ඉදිරියේ දී වැඩි අස්වනු ප්‍රමාණයක් ගබඩා කිරීමට කටයුතු සම්පාදනය කරන ලෙස ද උපදෙස් ලබා දුන්නා