
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
ලාංකේය දේශපාලන වේදිකාවේ ප්‍රභල චරිතයක්වූ හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.
1943 මැයි 08 උපත ලැබූ ඒ මහතා මිය යනවිට 82 වන වියේ පසුවුණා.
1960 දී එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සාමාජිකයෙකු ලෙස ඒ මහතා තම දේශපාලන ගමන් මඟ ආරම්භ කලා.
අසූව දශකය අග සහ 2000 ආරම්භක අවධියේ එක්සත් ජාතික පක්ෂ රජයන්හි සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේද ගාමිණී ලොකුගේ මහතායි.
2006 දී ඔහු එජාප නායක රනිල් වික්‍රමසිංහ සමඟ ඇතිවූ මතභේදාත්මක තත්වයන් මත එජාපයෙන් වෙන්වී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක්වුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයන් තුල ක්‍රීඩා හා පොදු විනෝදාස්වාද අමාත්‍යවරයා, නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා, කම්කරු අමාත්‍යවරයා සහ ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ඇතුලු අමාත්‍යධුර රැසක ලොකුගේ මහතා කටයුතු කලා.
ආරම්භයේ සිටම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රභල ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කල ඔහු මිය යන තුරුම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග කටයුතු කලා.
අවසන්වරට ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවට තේරීපත් වුනෙත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්.
පසුගිය කාලයේ රෝගාතුරව සිටි ලොකුගේ මහතා ගෙවුණු සති 2 ක පමණ කාලය තුල දැඩිසේ රෝගාතුරව කොලඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබුවා.