
හිටපු ඇමති කෙහෙලිය අත්අඩංගුවට
පසුගිය රජයේ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (07) ඒ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.
ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි වාර්ථා වන්නේ.