
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සුවෙන් – නාමල් රාජපක්ෂ
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අසනීපයෙන් පසුවන පුවතක් පැතිරෙමින් පවතිනවා.
ඒ පිලිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා සුවෙන් පසුවන බවයි.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ලොකු අසනීපයක් නොමැති බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා, වයසේ ස්භාවයත් සමඟ මහින්ද රාජපක්ෂ මහතාට ඇති තත්වයන් පිලිබඳව සිය අදහස් පළකලා.
