
හිටපු ජනාධිපති රනිල් ඉන්දියාවට
සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දේශනයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා අද (27) පිටත්ව යාමට නියමිතව තිබෙනවා
ඒ නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේදී හෙට (28) ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් දේශනයක් සඳහා සහභාගී වීමටයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර්, ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහත්වරුද මෙහි දේශන පවත්වනු ලබනවා
මෙහිදී දකුණු ආසියාව සම්බන්ධයෙන් වන දේශනය පවත්වන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.
මෙම ඉන්දීය සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක්ද පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ
මෙහිදී ඔහු ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි
රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කරන තෙවන අවස්ථාව මෙය වන අතර ඔහු මාර්තු 2 දා යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා