හිටපු ටෙනිස් ශූරිය නැවතත් ටෙනිස් පිටියට

හිටපු ටෙනිස් ශූරිය නැවතත් ටෙනිස් පිටියට

හිටපු ටෙනිස් ශූරියක වන සිමෝනා හැලෙප්ට (Simona Halep) වසර හතරක්ව පැවති තහනම් උත්තේජක තහනම මාස 9 දක්වා අඩු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මේ මස අගදී පැවැත්වෙන මියාමි විවෘත ටෙනිස් තරගාවලියේදී ඇය තරග කිරීමට නියමිතයි.

32 හැවිරිදි රුමේනියානු ටෙනිස් ශූරිය මාර්තු 17 වනදා ආරම්භ වන තරගාවලියට වයිල්ඩ්කාඩ් ප්‍රවේශයක් හරහා ඇතුළත් වනවා.

ක්‍රීඩාව සඳහා වන බේරුම්කරණ අධිකරණයට (Arbitration for Sport) අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසුව හැල්පේට නියම කර තිබූ වසර 04ක තරග තහනම මෙලෙස ඉවත් කර ඇති බවයි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This