හිටපු ප්‍රභූ ආරක්ෂකයින්ට රාජකාරී කටයුතු නොමැති බවට තොරතුරු

හිටපු ප්‍රභූ ආරක්ෂකයින්ට රාජකාරී කටයුතු නොමැති බවට තොරතුරු

හිටපු මැති ඇමතිවරුන්ගේ ආරක්ෂකයින් ඉවත් කර ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශයට කැඳවීමට කටයුතු කළත් මෙතෙක් කිසිඳු රාජකාරියක් තමන්ට පවරා නොමැති බව එම පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙසේ රාජකාරියක් නොමැති නිසාවෙන් යළි නිවෙස්වලට හරවා යැවීම සහ නිවාඩු ලබාදීම සිදුකරන බැවින් තමන් මහත් අසීරුතාවයකට පත්ව සිටින බවයි එම පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ.

මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාවට සිටිය පොලිස් නිලධාරින් 1200 දෙනෙකු පමණ එකවර මූලථානයට පැමිණීමේදී එහි ඉඩකඩද සීමිත වන බවද සඳහන්.

Share This