
හිටපු මන්ත්‍රී සජින් වාස්ට අධිකරණයෙන් වරෙන්තු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා.
ඒ රුපියල් ලක්ෂ 369ක ආදායම් බදු නොගෙවීමට එරෙහිව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.
අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී එසේ වරෙන්තු නිකුත් කළා.
ව්‍යාපාරිකයෙකු වූ සජින් වාස් ගුණවර්ධන මහතා 2010 ත් 2012ත් වර්ෂවලට අදාළව ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා 2023 වසරේදී මෙම නඩුව පවරා තිබෙනවා.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට සිටින නීතිඥ දිනේෂ් පෙරේරා මහතා සඳහන් කර සිටියේ වගඋත්තකරුට සිතාසි භාරදී ඇති මුත් අධිකරණයේ පෙනී සිට නොමැති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් වරෙන්තු නිකුත් කළා.