හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ලබන 19 දක්වා රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ලබන 19 දක්වා රිමාන්ඩ්

දැඩි කතාබහක් ඇතිකල කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මඟහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අද (07) පෙරවරුවේ මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබෙනවා.

එහිදී අධිකරණය වෙත භාර වු හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ලබන 19 තෙක් රක්ෂිත බන්ධනාගත කරන ලෙස මහර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා.

අධිකරණය මඟහැරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කර තිබු අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද මේවන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Share This