
හිටපු රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලේන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් ලක්ෂ 15ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අනතුරුව ඔහු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අල්ලස් කොමිසම විසින් පියවර ගෙන ඇති අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ලබන 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.