හින්දු බැතිමතුන් බැතියෙන් සමරන තෛපොංගල් දිනය අදයි (වීඩියෝ)

හින්දු බැතිමතුන් බැතියෙන් සමරන තෛපොංගල් දිනය අදයි (වීඩියෝ)

ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබෙනවා.

කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරු වීමට කෘතගුණ දැක්වීම තෛපොංගල් උත්සවයේ දී සිදු කෙරෙනවා.

තෛපොංගල් දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ සුරක්ෂිත දේශයක සෞභාග්‍ය හා සශ්‍රීකත්වය වෙනුවෙන් කැපවී සිටින සියලු දෙනාට සූර්ය දෙවියන්ගේ ආශිවාර්දය හා රැකවරණය නිතැතින් උදාවන බවයි.

හරිත කෘෂි කර්මාන්තයක් සදහා වන ජාතික ප්‍රතිපත්තිය සාර්ථකවනු දැකීම බහුතර ශ්‍රි ලාංකික ජනතාවගේ අපේක්ෂාව වන අතර තෛයිපෝංගල් සමය ඒ සදහා දැඩි උද්යෝගයක් සපයන බව ද ජනාධිපතිවරයා එම පණිවුඩයේ වැඩිදුරටත් දන්වා තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ සෞභාග්‍යමත් දේශයක් ලෙස ලොවට පියනැගීම සඳහා වූ උදාර අරමුණ සාක්ෂාත් කර ගැනීමේ දී තෛපොංගල් දින අර්ථයන් මහඟු පිටුබලයක් වනු ඇති බවයි.

 

Share This