හිරණ වෙඩි තැබීමක්

හිරණ වෙඩි තැබීමක්

හිරණ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අද (11) අලුයම් කාලයේදී වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා

පොලීසිය සඳහන් කළේ නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා

තුවාලකරු වයස අවුරුදු 32ක් වූ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ

වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ

Share This