
හිරුණිකාගේ වීදි නාට්‍ය නඩුව
නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ වීදි නාට්‍යක් රඟදැක්වීම හේතුකොටගෙන විභාගවන නඩුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 කට එරෙහි නඩුව දෙසැම්බර් 8 වනදා නැවත කැඳවීමට නියෝගකර තිබෙනවා.
පොලිස් පනත හා මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් නිදහස් චතුරශ්‍ර ප්‍රදේශයේ වීදි නාට්‍යක් රඟදැක්වීමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනාට මෙම නඩුව විභාග කෙරුනා.
මෙම නඩුවට අදාළව නීති උපදෙස් ලබා ගෙන මෙම දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය කුරුඳුවත්ත පොලීසියට නියෝග කරයි.