හෙට සහ අනිද්දා රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක්

හෙට සහ අනිද්දා රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක්

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) හෙට (12) සහ (13) යන දෙදින විශේෂ අවස්ථාවක් ලබා දෙන බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පවසනවා

ඒ අනුව එම දින දෙක තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්සලයක්, රසකැවිලි පාර්සලයක් හා සනීපරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී තිබෙනවා

එමෙන්ම සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ලබ බවයි ගාමිණී බී. දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ

 

Share This