හෙරොයින් සමග බිබිලෙන් 2 ක් අල්ලයි

හෙරොයින් සමග බිබිලෙන් 2 ක් අල්ලයි

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට

මොණරාගල කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් පිරිසක් බිබිල පොලිස් බල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් සැකකරුවෙකු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් හය සීයක් සහ අනෙක් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 350 පොලිස් නිලධාරීන් සොයාගෙන තිබුණා.

අත්අඩංගුවට පත් සැකකරුවන් බිබිල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්.

Share This