හොංකොං මහාචාර්ය මාස දහයක් හිරේට
උපායමාර්ගික ඡන්ද ක්‍රමයක් නීති විරෝධී ලෙස ප්‍රවර්ධනය කිරීමේ චෝදනාව මත හොංකොං අධිකරණය ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරිකයෙකු හා නීති මහාචාර්යවරයෙකු ද වන බෙනී ටායි (Benny Tai) මාස 10 සිර දඬුවමකට යටත් කර තිබෙනවා.
2016 ව්‍යවස්ථාදායක සභා (LegCo) මැතිවරණයේ දී අක්‍රමවත් සහ නීති විරෝධී ලෙස පුවත්පත් දැන්වීම් හයක් පළ කරමින් හොංකොං ඩොලර් 253,000 ක මැතිවරණ වියදම් දැරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් පසු මහාචාර්ය ටායිට මෙම දඩුවම නියම කර ඇති බව සඳහන්.
මෙම දැන්වීම් ව්‍යවස්ථාදායක සභාවේ ප්රජාතන්ත්රවාදී ගැති පක්ෂ සඳහා වැඩි ඡන්ද ප්‍රමාණයක් දිනා ගැනීම අරමුණු ඇතිව පළ කර තිබූ බවයි පැවසෙන්නේ.
උපායමාර්ගික ඡන්ද ක්‍රමය හේතුවෙන් මැතිවරණයේ සාධාරණත්වය පළුදු වී ඇති බව පැවසූ අධිකරණ වරද පිළිගැනීම හේතුවෙන් ටායිගේ සිර දඬුවම නියමිත දඩුවමට වඩා මාස පහකින් අඩු කිරීමට ද කටයුතු කර තිබෙනවා.