ෆයිසර් එන්නතට එරෙහිව අමෙරිකාවේ නීතිවේදීන් නඩු පවරයි (VIDEO)

ෆයිසර් එන්නතට එරෙහිව අමෙරිකාවේ නීතිවේදීන් නඩු පවරයි (VIDEO)

අමෙරිකාවේ කැස්සාස් ජනපදයේ නීතිපති ක්‍රිස් කොබෙච්ගේ මැදිහත් වීමෙන් ෆයිසර් එන්නත් සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඒ අතුරු ආබාධ ඇතිවිමේ අවදානම දැන දැනත්, ඒ බව වසන් කරමින්, ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන් බවට චෝදනා කරමින්.

කැන්සාස් ජනපදයේ තෝමස් ප්‍රාන්ත දිස්ත්‍රික් අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ෆයිසර් සමාගම ඔවුන්ගේ එන්නත ලබා දුන්නේ එහි අතුරු ආබාධ රැසක් ඇති බව හොඳින් දැනගෙන වන අතර එන්නත ලබා ගත් බොහෝ දෙනෙකු අද සංකූලතාවලට මුහුණ දෙන බවයි නීතිපති ක්‍රිස් කොබෙච් අධිකරණයේදී පෙන්වා දුන්නේ.

ඒ අනුව ෆයිසර් සමාගම ඔවුන්ගේ එන්නත සම්බන්ධයෙන් සත්‍යය අමෙරිකානුවන්ට හෙළි කළ යුතු බවත් ඔහු පවසනවා.

ෆයිසර් සමාගම වසර 175 කට වැඩි කාලයක් තිස්සේ ජනතා විශ්වාසය දිනාගත් ලොව ප්‍රමුඛ පෙළේ අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක්.

ගෝලීය වසංගතයක් බවට පත්වුණු ‘කොවිඩ් 19’ වෛරසය පාලනය සඳහා ලොව රටවල් රැසක භාවිත කෙරුණු වඩාත් ආරක්ෂිත යැයි පැවැසුණු ප්‍රතිශක්තිකරණ එන්නත වූයේ මෙම ‘ෆයිසර්’ එන්නතයි.

Share This