ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ ජලය මුදා හැරීම අද ඇරඹේ

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ ජලය මුදා හැරීම අද ඇරඹේ

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ ජලය පැසිෆික් සාගරයට මුදා හැරීමට අද (24) දිනයේ නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එක්සත් ජාතීන්ගේ පරමාණුක නියාමකයා පවසන්නේ මෙම මුදාහැරීම ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල වන අතර මිනිසුන්ට සහ පරිසරයට බලපෑමක් ඇති නොකරන බවයි

කෙසේවෙතත් මෙම තීරණය චීනයේ සහ දකුණු කොරියාවේ කණස්සල්ලට හේතු වී ඇති අතර හොංකොං සහ මැකාවු ද ජපානයේ මුහුදු ආහාර සඳහා තහනම් පනවා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම ටෝකියෝ සහ ෆුකුෂිමා ඇතුළු ඇතැම් ප්‍රදේශවල මුහුදු ආහාර තහනම් කරන බවද පැවසෙනවා

උමඟක් හරහා ජලය නල මාර්ගයෙන් පිටවීම එරට දේශීය වේලාවෙන් පස්වරු 1:00 ට ආරම්භ වන බවයි පැවසෙන්නේ

ජලය මුදා හැරීම සම්බන්ධයෙන් චීනය විසින් ජපානයට චෝදනා කර ඇති අතර බීජිං පවසන්නේ එහි සාගර පරිසරය, ආහාර සුරක්ෂිතතාව සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි .

 

Share This