ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගැන හොයන්න යන යුරෝපා සංගමය

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගැන හොයන්න යන යුරෝපා සංගමය

යුරෝපා සංගමය මෙටා සමාගමේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල පිළිබඳව නිල විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ජාලවල ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා ඇති නීති උල්ලංඝනය කර ඇති බවට මෙටා සමාගමට එල්ලවී ඇති චෝදනා මත මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා දරුවන් තුළ විවිධ ඇබ්බැහිවීම් නිර්මාණය වන බවත් ඉන් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානිවන බවත් යුරෝපා සංගමය පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව එම සමාජ මාධ්‍යජාල භාවිතයේ දී පරිශීලිකයින්ට ස්වයංක්‍රීයව වීඩියෝ සහ ඡායාරූප නිර්දේශ කෙරෙන ක්‍රියාව පිළිබඳව ද විමර්ශනය කෙරෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙටා සමාගම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ නීති උල්ලංඝනය කර ඇති බවට අනාවරණ වුවහොත් මෙටා සමාගමට එහි ගෝලීය පිරිවැටුමෙන් සියයට 6ක දඩයක් පැනවිය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This